Gossips

හැටන් බගවන්තලාව මාර්ගයේ තවදුරටත් නායයාමේ අවදානමේ (ඡායාරූප)

නායයාමේ අවදානමක් හේතුවෙන් ගමනාගමනය නතර කෙරුණු හැටන් බගවන්තලාව මාර්ගය තවදුරටත් වසා තැබෙන බව පොලිසිය පවසනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් වු මාර්ගයේ කොටසක් සහ ප්‍රධාන මාර්ගය අසල පිහිටි නිවාස 5 ක් නායයාමේ අවදානමේ පවතින බවයි.
ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය ඊයේ දහවල් සිට තාවකාලිකව සම්පුර්ණයෙන් නතර කෙරුනා.
මාර්ගයේ ගමන් ගන්නා මගීන් නායයාම සක්‍රිය වී ඇති ස්ථානය දක්වා ප්‍රවාහනය කර එතැන් සිට අනෙක් පස ගාල්කර ඇති බස් රථවලින් ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරීම සිදු කෙරෙනවා.
නෝර්වුඩ් පොලිසිය හැටන් බගවන්තලාව මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ යළි දැනුම්දෙන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.
මේ අතර නායයාම සක්‍රිය වී ඇති ස්ථානයේ පවුල් 5 කට අයත් සාමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම එම නිවාසවලින් ඉවත්කර ඇති අතර ඔවුන් මේ වන විට සිය ඥාතීන්ගේ නිවාසවල පදිංචිව සිටිනවා.











ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ