Gossips

රුසියානු විපක්ෂ නායකයාට නිදහස

නීතිවිරෝධී උද්ඝෝෂණයක නිරතවූ බව පවසමින් සිරගත කෙරුණු රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර තිබෙනවා.
ඔහු පසුගිය දින විස්ස තුළ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර, ඊට පෙරද දින 30 ක සිර දඩුවමක් විඳ තිබෙනවා.
ඒ, පසුගිය ජනවාරි මාසයේ නීතිවිරෝධී විරෝධතාවක නිරතවූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන්.
ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේචනය කරන නවාල්නිට පසුගිය රුසියානු ජනාධිපතිවරණයට සහභාගිවීමට නොහැකිවන අයුරින් එරට මැතිවරණ කොමිසම ඔහු නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.
කෙසේ නමුත් මේ වසර මුලදී පැවති ජනපතිවරණයේදී ව්ලැදිමීර් පුටින්ට අභියෝග කළ හැකි එකම පුද්ගලයා ලෙස සැළකුණේ මොහුයි.