Gossips

සෞදියට දඩුවම් කරන්න ට්‍රම්ප් සූදානම්

ඇමරිකාවේ වෙසෙන සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය කළ බව තහවුරු වුවහොත් සෞදි අරාබියට දැඩි දඩුවම් පැමිණවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
පසුගිය ඔක්තෝම්බර් 2 වනදා ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය වෙත ගිය කෂෝගි නැවත ඉන් පිටතට නොපැමිණි අතර, ඔහුගේ අනාගත තුර්කි බිරිඳ පැමිණිලි කළේ පැය 12ක් ඔහු පමාවීම හේතුවෙන්.
කෂෝගි කොන්සල් කාර්යාලය වෙත ගොස් ඇත්තේ සිය සෞදි බිරිඳගෙන් වෙන්වීමේ දික්කසාද ලියවිලි ලබාගැනීමටයි.
ඔහු සෞදි අරාබියේ බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙක්.
කෂෝගි සෞදි කොන්සල් කාර්යාලය වෙත ඇතුලූවූ පසු රාජාතන්ත්‍රික වාහන රැසක් එය තුළටත්, ඉන් පිටතටත් ගමන් කරන වීඩියෝ පටයක් තුර්කිය ඊයේ ප්‍රකාශයට පත් කළා.
ජනපති ට්‍රම්ප් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලටත්, කෝපයටත් පත්වූ බවයි.
කෙසේ නමුත් කෂෝගි ඝාතනය කළ බවට එල්ලවන චෝදනා සෞදි අරාබි රජය ප්‍රතික්ෂේප කළා.
තුර්කිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සෞදි රජය සහය නොදක්වන බවයි.