Gossips

පළාත් පාලන ආයතනවලට මෙවර අතිරේක සභිකයින් 364 ක්

පළාත් පාලන ආයතනයකින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඔවුන්ට ලැබිය යුතු මන්ත්‍රී ධුර ප්‍රමාණයට වඩා වැඩි කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මෙවර අතිරේක සභිකයින් 364 දෙනෙකු තේරී පත්වී තිබෙනවා.
පැෆ්රල් සංවිධානය සඳහන් කළේ වැඩිම ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
එමෙන්ම, එවැනි අතිරේක සභිකයෙකු තේරී පත් වී නොමැති දිස්ත්‍රික්කය ලෙස කිලිනොච්චිය හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙවර සමස්ත සභිකයින් සංඛ්‍යාව 8689 දක්වා ඉහළ යනු ඇති බවටයි පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.