Gossips

ජනතා මුදලින් ආරම්භ කර මුල්ගලට පමණක් සීමා වූ ව්‍යාපෘතිය

ජනතා මුදල් වැයකර ජනතාව වෙනුවෙන් ආරම්භ කෙරුණ ව්‍යාපෘතියක් තවමත් මුල්ගලට පමණක් සීමා වූ පුවතක් අපට වාර්තා වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ ප්‍රදානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නව කම්කරු කාර්යාල සංකීර්ණයක් සදහා මුල්ගල් තැබෙන්නේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී.
දැනට බදුල්ල දුම්රිය පොළ පාරේ ඇති මෙම කම්කරු කාර්යාලයේ පවතින අඩුපාඩු මඟ හැරවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුණේ ජනතා මුදල් වැය කර උත්සවයක්ද පවත්වමින්.
දේශපාලනික අවශ්‍යතා මත නොව ජනතා අවශ්‍යතා ඉටුකිරීම මුලික කරගනිමින් මුල්ගල් තැබීම් සිදු වන්නේ නම් බදුල්ල දිස්ත්‍රික්කයේ නව කම්කරු කාර්යාලයට අද මෙවන් ඉරණමක් අත් නොවනු ඇති බවයි ජනතා විශ්වාසය.