Gossips

මොරපතාව වනසන බොරළු ජාවාරම

පුත්තලම – වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ නීති විරෝධී බොරළු කැපීමක් හේතුවෙන් මහා පරිමාන පරිසර විනාශයක් සිදුවන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුව හිරු සී.අයි.ඒ. කණ්ඩායම පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුයේ සිදුව ඇති විනාශය සොයා බැලීම සදහායි.
එහි දී දැකගත හැකිවුයේ බොරළු ජාවාරම්කරුවන් අක්කර ගණනාවක් මෙම නීති විරෝධී බොරළු කැපීම හරහා විනාශ කර දමා ඇති බවයි.
බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් බොරළු කැනීම් සිදුකර ටිපර් රථවලට පටවන අයුරු හිරු සී.අයි.ඒ කැමරාවේ අප සටහන් කර ගත්තා.
බොරළු ජාවාරම්කරුවන් විසින් මෙහි තිබු ගස් ගලවා දමා ඊට උඩින් පස් දමා වසා ඇති අයුරු ද දක්නට ලැබුනා.
මෙහි ස්ථාපිත විදුලි වැට ආසන්නයේම මෙම නීති විරෝධී බොරළු ජාවාරම සිදුවන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම සීමා සටහන් කරමින් දක්වා තිබු සීමා කණු ද විනාශ කර තිබුනේ මෙලෙසින්.
ගම්වාසීන් ප්‍රකාශ කලේ වනාතවිල්ලුව – මොරපතාව මාර්ගය ඉදිකිරීමට බොරළු අවශ්‍ය බව පවසමින් මෙම ස්ථානයෙන් බොරළු කැපීම ආරම්භ කල ද මාර්ගය සෑදීම පසෙක තබා මෙම මහා පරිමාන බොරළු කැපීම් සිදුවන බවයි.
මෙලෙස කපනු ලබන බොරළු ටිපර් රථවල පටවා පුත්තලම පාලවිල ප්‍රදේශයට ප්‍රවාහන කරන බව හිරු සීගඅයිගඒගකළ ගවේෂණයේදී හෙළි වුණා.
මෙරට වගකිව යුතු බලධාරීන් මෙම මහා පරිමාන පරිසර විනාශයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදා ද ?
හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබද අවධානයෙන්.