Gossips

කොස්ගොඩ රිය අනතුරකින් තරුණයෙක් මරුට

කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබෙනවා.
කුඩා ලොරි රථයක් ටිපර් රථයක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ.
අනතුරින් බරපතල තුවාල ලැබු 15 හැවිරිදි සිසුවිය සහ 21 හැවිරිදි තරුණයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවුනා.
එහිදීයි තරුණයා මියගොස් ඇත්තේ.
ඔහු ඇල්පිටිය තල්ගස්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ලොරි රථයේ ගමන් කළ ගැහැණු ළමයා බලපිටිය හීනටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට අනාවරණ වී තිබෙනවා.
මියගිය තරුණයා කුඩා ලොරියේ රියදුරා වන අතර අනෙක් ගැහැණු ළමයා එම රථයේම ගමන් කළ අයෙක් බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් බලපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර මෙම අනතුර සිදුවන ආකාරය අසල නිවසක සවිකර තිබු CCTV කැමරාවක ද පටිගත වී තිබුනා.