Gossips

රටින් පලාගිය මාලදිවයිනේ මැතිවරණ නිලධාරින් තුන්දෙනෙකු ශ්‍රී ලංකාවට

තර්ජන එල්ල වීම නිසා රටෙන් පලාගිය මාලදිවයිනේ මැතිවරණ කමිටු සාමාජිකයින් තුන්දෙනෙකු කොළඹට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
මැතිවරණ කමිටු සාමාජිකයින් සිව් දෙනෙකු මෙලෙස රටෙන් පලාගොස් ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.
මාලදිවයින් ජනාධිපතිවරණය පසුගිය 23 වනදා පැවති අතර, ඉන් අනතුරුව රටේ පැවති දේශපාලන අර්බුද උත්සන්න වුණා.