Gossips

ඉරාන ගුවන් අනතුරෙන් මියගිය අය සෙවීමේ මෙහෙයුම් තාවකාලිකව නතර වේ

ඉරානයේ සිදුවූ ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා එරට ආරක්ෂක අංශ ආරම්භ කර තිබූ මෙහෙයුම් තාවකාලිකව නවතා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැග්රොස් කඳුයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර එම ප්‍රදේශයේ පවතින අධික ශීතල කාලගුණය නිසා මෙලෙස මෙහෙයුම් නවතා ඇති බවයි.
කෙසේ වෙතත්, එම කාලගුණ තත්ත්වය පහව යාමත් සමඟ හෙලිකොප්ටර් යානා 5 කින් අනතුරට ලක්වූවන් සොයා යළිත් මෙහෙයුම් ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරානයේ අස්මාන් ගුවන් සේවයට අයත් ඊ පී 3704 ගුවන් යානය ටෙහෙරාන් නුවරින් පිටත්වී විනාඩි 45 කට පසු ඊයේ(19) අතුරුදන් වී තිබුණා.
එහි ගුවන් මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.