Gossips

ශ්‍රී ලංකාවට 279ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09කට ලකුණු 278ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රණය සඳහා හිමිව ඇති ඉලක්කය 279ක්.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරු ජෝ රූට් අර්ධ ශතකයක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 71ක්.
නායක ඉයොන් මෝගන් පන්දු 91ක් තුලදී වේගවත් ලකුණු 92ක් රැස්කර ගත්තේ හතරේ පහර 11ක් සමඟින්.
ජෝ රූට් සහ ඉයොන් මෝගන් තුන් වන කඩුල්ල සඳහා ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට සමත් වුණා.
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග පන්දුවාර 10 තුල ලකුණු 44කට කඩුලු 05ක් බිඳ දැමුවා.
තිසර පෙරේරා, අකිල ධනංජය, නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවාගත්තා.