Gossips

රත්මලානේදී නව ඖෂධ කර්මාන්තශාලාවක් ජනපති අතින් විවෘත වෙයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්තශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.
රත්මලාන – කඳවල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ඖෂධ කර්මාන්තශාලාව අති නවීන පහසුකම්වලින් යුක්ත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ජයිකා ආධාර යටතේ ජපාන යෙන් මිලියන 1240ක් මෙම කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා වැය කර තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922ක් වන අතර, මෙම ව්‍යාපෘතිය මගින් එය මිලියන 3337ක් දක්වා ඉහළ යනු ඇති.
එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ සපුරා ගැනීමට හැකි වීම විශේෂත්වයක්.
මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට අමතරව දේශීය හා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් 46ක් සමඟ නව කර්මාන්තශාලා ඉදිකිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.
එම ගිවිසුමට අනුව හොරණ, මහනුවර සහ දිගන යන ප්‍රදේශවල මෙම කර්මාන්තශාලා ඉදිකෙරෙන අතර 2019 වසරේදී එම කර්මාන්තශාලා ද විවෘත කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.