Gossips

නාය යාමේ අවදානමක් නිසා හැටන් – මස්කෙලිය මාර්ගය තාවකාලිකව වැසේ (ඡායාරූප)

හැටන් – බගවන්තලාව – මස්කෙලිය මාර්ගය නෝර්වුඩ් – නිව්වෙලිගම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා.
නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ පවතින නාය යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව පොලීසිය මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම් දෙන්නේ නැවත දන්වන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.





ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ