Gossips

පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන මියයයි

ගිනිගත්හේන පඹහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු සිය නිවසේ කාමරය තුල ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
ඔහු ගිනිගත්හේන ප්‍රදේශයේ පාසලක 9 වන වසරේ ඉගෙනුම ලබන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
අද දහවල් 11.30 ට පමණ නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ කාමරයේ බාල්කයක එල්ලී මෙම සිසුවා දිවි හානිකරගෙන තිබෙනවා.
මෙම දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මළ සිරුර ගිනිගත්හේන රෝහලේ තැන්පත් කර තිබෙනවා.
ගිනිගත්හේන පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.