එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් විපතට පත් පාලු නගරයේ ඊයේ සංචාරයක නිරත වුණා.
සිදුව ඇති හානිය නිරීක්ෂණය කළ මහලේකම්වරයා ප්‍රකාශ කළේ විනාශයට පත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණය සඳහා ජගත් සංවිධානය සහය වන බවයි.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූල්‍යාධාර සපයන බව ලෝක බැංකුව ද ඊයේ නිවේදනය කළා.