Gossips

පුද්ගලික නිවසක් ඇතුළට ගිය ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත් කවුළුව

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද (13) දඹුල්ල අන්තර ජාතික ක්‍රීඩාංගනයේ දී අරම්භ වූණා.
අද තරඟයට නැරඹීමට අවශ්‍ය ප්‍රවේශපත් මිලදී ගැනීමේදී දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන් දැඩි අපහසු තාවයට පත්වූ පුවතක් දඹුල්ලෙන් වාර්තා වනවා.
ඒ අදාල ප්‍රවේශපත්‍ර ක්‍රීඩාංගනයෙන් නිකුත් නොකිරීම හේතුවෙන්.
අද තරඟය නැරඹීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදුකර ඇත්තේ ක්‍රීඩාංගනයේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි පුද්ගලික නිවසක කුඩා කවුළුවකින් බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් තරඟ නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් දැඩි අපහසු තත්වයකට පත්ව ඇති අතර එම ස්ථානය අසල පොලිස් ආරක්ෂාවද යොදා තිබෙනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.