Gossips

සෞදි මාධ්‍යවේදියා ඝාතනයට ලක්වූ බවට තවත් තොරතුරු

තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ඇතුලුවීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් 2 වනදා සිට අතුරුදන්ව සිටින නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගි සිය ඝාතනය තමාගේ ඇපල් දුරකථනයෙන් පටිගත කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.
කොන්සල් කාර්යාලයට ඇතුලුවීමට පෙර ඔහු එය ක්‍රියාත්මක කර ඇති අතර, සියලු තොරතුරු එමඟින් අන්තර්ජාල ක්ලවුඩ් අවකාශයට ද යොමුකර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
කෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුලුවන ආකාරය සහ ඉන්පසු රාජතාන්ත්‍රික සංකේත සහිත වාහන රැසක් ඉන් පිටතටත්, ඇතුලටත් ගමන් කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. වීඩියෝ පටයක්ද තුර්කිය නිකුත් කළා.
කෙසේ නමුත් සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ප්‍රබල විවේචකයෙකු වන කෂෝගි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කළ බවට එල්ලවන චෝදනා සෞදි අරාබිය අද නැවතත් ප්‍රතික්ෂේප කළා.