Gossips

ඉන්දියාවත් ජගත් මානව හිමිකම් කවුන්සිලයට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි සාමාජිකයෙකු ලෙස ඉන්දියාව ද ඊයේ තෝරා ගැනුණා.
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් 5 අතරටයි ඉන්දියාව ඇතුළත් වන්නේ.
ඒ අනුව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට වසර 3ක කාලයක් සඳහා ඉන්දියාව ද ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය හිමි රටක් බවට පත්වනු ඇති.
ඊයේ මෙලෙස නව සාමාජිකයන් 18ක් තෝරා ගැනුණු අතර, ජගත් සංවිධාන මහා මණ්ඩලයේ සාමාජික රටවල් 193ක් අතුරෙන් අවම වශයෙන් 97ක සහය ඒ සඳහා අවශ්‍ය වුණා.
ඉන්දියාවට එහිදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් එනම්, ඡන්ද 188ක් හිමි වී තිබනෙවා.