පුංචි ආණ්ඩු හදන්න, මන්ත්රීවරු කෝටි ගාණට විකිණේ
මෙවර පළාත් පාලන ඡන්දය විමසිම අවසන් වීමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවට ඉදිරිපත් වූ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
එම ඡන්දය විමසීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය කොට්ඨාස ආසන 07ක්ද ලංකා කම්කරු කොංග්රසය කොට්ඨාස ආසන 06ක්ද දිනාගත් අතර ප්රසාද ආසන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණට ආසන 02ක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන 01 ක් හිමිව ඇත.
මෙම තත්ත්වය හමුවේ කිසිඳු පක්ෂයකට තනිව බලය පිහිටුවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඇතැම් පක්ෂවල ප්රභල ඇමතිවරුන්ගේ ලේකම්වරු යැයි පවසමින් මන්ත්රීවරුන්ට මුදල් ගෙවා බලය පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව අණාවරණයවෙයි.
තේරී පත්වු මන්ත්රීවරු කිහිප දෙනෙකුටම දුරකථනයෙන් අමතා පහසුකම් සැපයීමට හා මුදල් ගෙවීමට ඉදිරිපත් වී ඇති අතර එක් මන්ත්රීවරයෙකු සඳහා රුපියල් කොටියක් ගෙවීමට ද යෝජනා කර තිබේ.
දෙරණ