Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
මෙම ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා.
ශ්‍රී ලංකා පිළ 2014 වසරෙන් පසු දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති එක්දින ජාත්‍යන්තර තරඟයක් ජයග්‍රහණය කර නැහැ.
එතෙක් පැවති තරඟ 7කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර, දෙකක් අතහැර දැමීමට සිදුවුණා.
මෙම තරඟයේදී ලකුණු 64ක් ලබා ගතහොත් උපුල් තරංගට එක්දින ලකුණු 7000 සම්පූර්ණ කිරීමට හැකි වනවා.
එසේ වුවහොත් ඔහු එම දස්කම දැක්වූ 8 වන ශ්‍රී ලාංකිකයා බවට පත්වනු ඇති.
පළමු එක්දින තරඟයට සහභාගි වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළේ වෙනසක් අද සිදුනොකෙරෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළ අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට අනුමාන කෙරෙන කණ්ඩායම් දෙක පහතින්.
Sri Lanka :
1 Upul Tharanga,
2 Niroshan Dickwella (wk),
3 Kusal Perera,
4 Dinesh Chandimal (capt),
5 Dhananjaya de Silva,
6 Dasun Shanaka,
7 Thisara Perera,
8 Akila Dananjaya,
9 Lakshan Sandakan,
10 Lasith Malinga,
11 Nuwan Pradeep
England :
1 Jason Roy,
2 Jonny Bairstow,
3 Joe Root,
4 Eoin Morgan (capt),
5 Ben Stokes,
6 Jos Buttler (wk),
7 Moeen Ali,
8 Chris Woakes,
9 Liam Dawson,
10 Adil Rashid,
11 Olly Stone