Gossips

නොසිතූ මොහොතක ඇමෙරිකාවට කඩා වැදුණු මයිකල් ලෝක බලවතා බය කරපු හැටි මෙන්න

නොසිතූ මොහොතක ඇමෙරිකාවට කඩා වැදුණු මයිකල් ලෝක බලවතා බය කරපු හැටි මෙන්න"
මයිකල්, ඇමරිකාව තවදුරටත් කළඹයි – ජීවිත හානි 17 දක්වා ඉහළට (ඡායාරූප)
මයිකල් චණ්ඩ මාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල දැවැන්ත විනාශයක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.
එම ප්‍රදේශය දැවැන්ත බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ ආකාරයක් දිස් වන බවයි ඇතැමුන් සඳහන් කළේ.
ෆ්ලොරිඩාවේ වයඹදිග වෙරළේ මෙක්සිකෝ වෙරළ තීරයට ආසන්නව මයිකල් සුළි සුළඟ බදාදා ඇතුළු වූයේ පැයට කිලෝමීටර් 250 ඉක්ම වූ වේගයකින්.
ඇමරිකානු වාර්තාගත ඉතිහාසයේ ප්‍රබලතම චණ්ඩ මාරුතයක් වන මයිකල් සුළි සුළඟින් මේ වන විට ජීවිත හානි 17ක් වාර්තා වන අතර, විනාශයට පත් ප්‍රදේශවල සෝදිසි කිරීම්වලදී එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝර්ජියා, වර්ජිනියා සහ කැරොලයිනා ප්‍රාන්තවල නිවාස දස ලක්ෂයකට අධික සංඛ්‍යාවකට තවමත් විදුලිය ඇණහිට ඇති බව සඳහන්.
20,000කට අධික පිරිසක් තාවකාලික කඳවුරුවල රැඳී සිටින අතර, රක්ෂණ සමාගම් ඇස්තමේන්තු කරන පරිදි සුළි සුළඟේ ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 8 ඉක්ම වනවා.