Gossips

පාසලක් උණුසුම් කළ බෝම්බ බිය

මීගමුව ප්‍රදේශයේ බාලිකා පාසලක් තුළ බෝම්බයක් ඇති බවට ලද නිර්නාමික ව්‍යාජ දුරකථන ඇමතුමක් හේතුවෙන් අද (12) පෙරවරුවේ එහි තරමක නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.
පොලිසිය පැවසුවේ අදාළ නිර්නාමික දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි.
මීගමුව ප්‍රදේශයේ බාලිකා පාසලක බෝම්බයක් ඇති බවට කිසියම් පුද්ගලයෙකු එහි විදුහල්පතිනියට දුරකථන ඇමතුමක් ලබා දී ඇත්තේ අද (12) පෙරවරු 8.15ට පමණ.
ඒ විනාඩි 20ක් තුළ සිසුවියන් ඇතුළු පිරිස ඉවත් කර ගන්නා ලෙස දන්වමින්.
ඒ අනුව යුධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයල ගුවන් හමුදාවල පොලිස් හා බුද්ධි අංශ නිළධාරීන් අදාළ සිදුවීම පිළිබදව සොයා බැලීම සදහා පාසල් පරිශ්‍රයට කැදවා තිබෙනු දක්නට ලැබුණා.