Gossips

නව අගවිනිසුරුවරයා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දෙයි

නව අගවිනිසුරුවරයා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති නිල නිවසේදීයි.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහායි නලින් පෙරේරා පත් කෙරුනේ.
මහේස්ත්‍රාත්වරයෙක් ලෙසට අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබු විනිසුරු නලින් පෙරේරා අගවිනිසුරු ලෙසට පත්වන පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙසට කටයුතු කරනු ලැබුවා.
නව අගවිනිසුරු ධුරය සඳහා වූ ජනාධිපතිවරයාගේ නාම යෝජනාවට, අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව ජනාධිපතිවරයා නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා එම තනතුරට පත් කිරීම සුදුසු බවට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය, ජනාධිපතිවරයා වෙත දන්වා යැවූ බවයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ කියා සිටියේ.