Gossips

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දීමට නියමිත බව අධිකරණ ඇමතිනිය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කර, පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද හිමි වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ ඇතැම් විට අගවිනිසුරුවරයාගේ දිවුරුම්දීම අද දිනයේ ද සිදුවිය හැකි බවයි.
කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, එහිදී නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනපති යෝජනා කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරාට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වුණා.