Gossips

ඈතින් ආ මාරයා දැක දැක සැමියා හැරදමා ගොස් බිරිඳ පණ රැකගත් දරුණු අනතුර

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වු දුම්රියක මෙම මෝටර් රථය ගැටී ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳ ද මෝටර් රථය තුළ සිට ඇති අතර දුම්රිය පැමිණෙන අයුරු දුටු ඇය මෝටර් රථයෙන් පිටතට පැමිණ දිවි බේරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.