Gossips

ලංගම බස් 3 කට මහනුවරදී හානි (ඡායාරූප)

මහනුවර – ගුඞ් ෂෙඩ් බස් නැවතුමේ නවතා තිබූ හැටන් ඩිපෝවට අයත් බස් රථ 3 ක ටයර් කිසියම් පිරිසක් විසින් කපා දැමීම හේතුවෙන් අද උදෑසන ආරම්භ කිරීමට තිබූ සියලු ගමන් වාර අත්හිටුවීමට හැටන් ඩිපෝවට සිදුව තිබෙනවා.
මෙම බස් රථ සියල්ල අද උදෑසන හැටන් බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ බවයි ඩිපෝවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අසල තිබෙන සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ සිද්ධිය පිළිබඳ විමර්ශන මෙහෙයවන බවයි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ)