Gossips

ඉන්ධන සහනාධාරයක් ගැන මැතිසබයේදී ඉඟියක්

ඉන්ධන මිල අඛණ්ඩව ඉහල ගියහොත් ඒ සඳහා සහනාධාරයක් ලබාදීමට රජය සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමුකර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ ගියහොත් ප්‍රවාහන ක්ෂේත්‍රයට සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.