Gossips

ඕස්ට්‍රේලියාව පරාජයකින් ගැලවේ

උස්මාන් කවාජා පැය 8 යි විනාඩි 44 ක් කඩුල්ලේ රැදී සිටිමින් රැස් කළ ලකුණු 141 සහ ටිම් පේන් පැය 4 කට අධික කාලයක් කඩුල්ලේ රැදී රැස් කළ ලකුණු 61 ත් හේතුවෙන් පාකිස්ථානය සමඟ ඩුබායි හි පැවති පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
මෙම තරඟයේදී පාකිස්ථානය පළමු ඉනිම සඳහා ලකුණු 482 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 06 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.
පළමු ඉනිමේදී ලකුණු 202 කට දැවී ගිය ඕස්ට්‍රේලියාවට දෙවැනි ඉනිමේදී හිිමවූයේ ලකුණු 462 ක අසීරු ඉලක්කයක්.
එහෙත්, මැදපෙල සහ පසුපෙල පිතිකරුවන්ගේ ඉවසිලිමත් බව හේතුවෙන් කඩුලු 08 ක් දැවී ලකුණු 362 ක් රැස් කරමින් තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට ඕස්ට්‍රේලියාවට හැකිවුණා.
තරඟයේ අවසන් දිනයේ විශේෂ අවස්ථා පහතින්.