Gossips

බැසිල්ගේ මල්වානේ නඩුව නොවැම්බර් 14 යළි විභාගයට

ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 14 වන දා යළි විභාගයට ගැනීමට අධිකරණය අද තීරණය කළා.
ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර එහිදී ප්‍රකාශ කළේ ඉදිරියේදී නඩුව කැදවන දින සම්බන්ධයෙන් පැමිණිල්ල සහ විත්තිය එකඟතාවක් ඇතිකරගෙන ඒ පිළිබදව අධිකරණය දැනුම්වත් කරන ලෙසයි.
අදාළ නිවස සහ දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණයට දැනුම් දී තිබෙනවා.