Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු රේගු අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ(18) පස්වරුවේ සිංගප්පූරුවේ සිට මෙම දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි රේගුව සඳහන් කළේ.
මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් වන අතර දුම්වැටි තොගය මේ වනවිට රාජසන්තක කර තිබෙනවා.