Gossips

ව්‍යවස්ථා සභාව රැස්වෙයි

අග්‍රවිනිශ්චයකාර ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද නම අද දහවල් රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සලකා බැලීමට නියමිතයි.
ඒ අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේදී රැස්වී තිබෙනවා.
කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයාගේ නිර්දේශය ඊයේ දිනය වනවිට කතානායකවරයා වෙත ලැබී තිබුණු බවයි.
මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තෝරා ගැනීමට නියමිතව ඇත්තේ මෙරට 46 වැනි අග්‍රවිනිශ්චයකාරවරයායී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනෙකු නියෝජනය කරන අතර, එය සිවිල් සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් සමන්විතයි.
සෙසු සාමාජිකයන් 07 දෙනා අතරට අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත්වනවා.
එහි ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත්, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂත් පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ ඇමතිනි තලතා අතුකෝරලයි.
සුළු පක්ෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පත්කර තිබෙනවා.