Gossips

විසිතුන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය කියා සිටියේ 43 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු අද අලුයම බහරේන් හරහා ඩුබායි බලා පිටත්ව යාමට සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබුණා.
ඔහුගේ ගමන් මළු 3 ක තිබී රුපියල් විසිතුන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23 ක් මෙලෙස රේගු භාරයට ගත් බවයි ඔහු කියා සිටියේ.

(ඡායාරූප – කටුනායක ටී.කේ.ජී.කපිල )