මැනුම් සහයකවරුන් ලෙස කාන්තාවන් බදවා ගැනීම තුළින් ක්ෂේත්රයේ මැනුම් කටයුතුවලදී ගැටලූ මතුවී ඇති බවට චෝදනා කරමින් රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමය අද එක්දින වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹ සිටිනවා.
එහි උප සභාපති ජී.අයි.ලක්මාල් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අද පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා තම සංගමයේ සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එක්ව සිටින බවයි.