Gossips

බගවන්තලාවේ රක්ෂිතයක මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට

කෙසෙල්ගමුව ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම රක්ෂිතයේ තාවකාලික කූඩාරම් ඉදිකර ගනිමින් විශාල වලවල් හාරා මැණික් ගරන බවට මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
එහිදී සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදා ගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.