Gossips

පුතු සමඟ උරණ වූ මවක් ගිං ඔයට පැන දිවි නසා ගනී

සිය පුත්‍රයා සමඟ උරණ වූ මවක් ගිං ඔයට පැන සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වනවා.
මෙම මව වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රදේශයේ ගිං ඔය පාලම මතින් ගිං ඔයට පැන ඊයේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.
සියදිවි හානිකරගෙන ඇත්තේ උතුරු දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මවක්.
මව සිය පුතා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර, ඇය මානසික ආබාධයකට කලක සිට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.