Gossips

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

කෑගල්ල – කරඩුපාන ප්‍රදේශයේ නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සමග නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3150 ක් ඇතුලූ උපකරණ කිහිපයක් ද සිය භාරයට ගනු ලැබූ බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 20ක්, 24ක් සහ 49 ක වයස්වල පසුවන කෑගල්ල, කඩවත සහ ජා-ඇල ප්‍රදේශවල පදිංචිකාරිනියන් තුන්දෙනෙක්.
ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.