Gossips

කළුතර සහ ගාල්ලට තවදුරටත් නායයාමේ අනතුරු ඇඟවීම්

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවත් පැය 24 කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, දොඩංගොඩ, මදුරාවල, වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.
එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව, තවලම, ඇල්පිටිය, නාගොඩ, බද්දේගම සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ද නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුයි.
මේ අතර, දකුණු පළාත සහ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළ මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා.