Gossips

ඉහළ දැමුණු ඉන්ධන මිලට එරෙහිව රත්ගම නගරයේ විරෝධතාවයක්

ඉන්ධන මිල පහත දමන ලෙස රජයට බල කරමින් ගාල්ල – රත්ගම නගරයේදී අද දහවල් විරෝධතාවයක් පැවැත්වුණා.
විරෝධතාවය සදහා රත්ගම සහ හික්කඩුව පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු තවත් නියෝජිතයින් පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඔවුන් ඉන්ධන රැස් කරන හිස් බූලි අතැතිව විරෝධතාවයට එක්ව සිටිම ද විශේෂත්වයක්.