Gossips

විස්සට තුනෙන් දෙකක් ලබාගැනීමට අපහසු බව ඒකාබද්ධය කියයි

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට ඉඩ නොතබන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වාද අදහස් පළ කළා.