Gossips

රොනී ලීච්ගේ දේහය රැගත් රිය පෙරහර බොරැල්ලෙන් පිටත් වෙයි

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය රැගත් රිය පෙරහර මේ වනවිට එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවෙන් ගල්කිස්ස බලා පිටත්වී තිබෙනවා.
අප වාර්තාකරු සදහන් කළේ රිය පෙරහර ගාලූ පාර ඔස්සේ ගල්කිස්ස, ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයට රැගෙන එන බවයි.
එහි පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී රොනී ලීච්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.