Politics Sri Lanka

විදුලි අර්බුදයක් අත ලඟ

විදුලි අර්බුදයක් අත ලඟ

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හයේම ජල මට්ටම 59.8% දක්වා අඩුවී ඇති බැවින් ජල විදුලි නිෂ්පාදනය අභියෝගයක් බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම 58.06%ක් බවත් මාවුස්සාකැ‍ලේ ජලාශයේ ජල මට්ටම 62.9%ක් බවත් කොත්ම‍ලේ ජලාශයේ ජල මට්ටම 34.6%ක් බවත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 71.2%ක් බවත් රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම 48.6%ක් බවත් සමනල වැව ජලාශයේ ජල මට්ටම 52.01% දක්වාත් අඩුවී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ දිනවල දෛනික ජලවිදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 42ක් හා 43 වැනි ඉහළ අගයක් ගන්නා අතර එයින් 15%ත් 20%ත් අතර ප්‍රමාණයක් දෛනික අවශ්‍යතාවය සඳහා ජලවිදුලි බලාගාරවලින් ලබාදෙන බව හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ නමුත් විදුලිය නිෂ්පාදනය සඳහා මේ දිනවල තාප බලාගාර භාවිත කරන බවත් පාරිභෝගිකයා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.