Gossips

විශ්‍රාමික රණවිරු සංසදය ආරම්භ කළ විරෝධතාව අවසන්

රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ රුපියල් දසදහසේ දීමනාව තම විශ්‍රාම වැටුපට එකතු කර නොමැති බවට පවසමින් විශ්‍රාමික රණවිරු සංසදය අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා.
ඔවුන් කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනින් පැමිණි අතර මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය අද පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණා.
මේ විට එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යලි විවෘත කර තිබෙනවා.
පසුව සංදේශයක් ජනාධිපති අතිරේක ලේකම්වරියකට භාරදී විරෝධතාව අවසන් කළ බවයි එම සංසදයේ ලේකම් එම්.ඒ. සේනාධිලංකාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ.