Gossips

බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය වැසෙයි – ගින්න නිවන්න ගුවනින් ජලය

බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන තිබෙනවා.
මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 5 ක් යොදවනු ලැබුවා.
ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 3 ක්ද යෙදවූ බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න හේතුවෙන් බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා තිබෙනවා.