Gossips

බදුල්ල මලන්ගමුවේදී ලොරියක් ප්‍රපාතයකට පෙරළී යයි

බදුල්ල මලන්ගමුව පාලම අසලදී කුඩා කන්ටේනර් ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරියක් එම සිමෙන්ති තොගය අදාළ ස්ථානයට රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
පොලිසිය සඳහන් කරන්නේ රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ලොරි රථය අඩි 40 ක් පමණ ප්‍රපාතයෙන් ගලා බසින මලන්ගමුව ගඟට වැටී තිබෙනවා.