Gossips

තීරණයක් ගැනීමට ජනපති නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි

පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කොළඹට කැඳවා තිබෙනවා.
අද (19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
මෙහිදී නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවට නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (18)රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දී ඇති බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
කෙසේ වෙතත් එවැනි ලිපියක් මෙතෙක් යොමු කර නොමැති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නිදහස් සන්ධානය නියෝජනය කරන ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.