Gossips

දවස් 10 යි..ටිකට් 1000 යි.. දවසට ටිකට් 100 යි හිරු Golden Film Awards 2018 ඇසින් දුන් සාක්ෂිකරුවන් වීමට ඔබටත් අවස්ථාවක්

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව යළිත් පැවැත්විමට සියළු කටයුතු මේ වන විට සුදානම් කර තිබෙනවා.
මෙවර හිරු Golden Film Awards 2018 සඳහා 2016 – 2017 වසර තුල මෙරට තිරගත වු චිත්‍රපට 50 ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර එහිදි කලාත්මක ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40 ක් ප්‍රධානය කිරිමට නියමිතයි.
2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන හිරු Golden Film Awards 2018 අති උත්කර්ෂවත් සිනමා සම්මාන උළෙල සඳහා මෙවරත් බොලිවුඩ් සිහින සිනමා නිම්නයේ සුපිරි තරු වන ගෝවින්දා ,ජුහී චව්ලා ,සාහිෆ් අලීඛාන් ,ශිල්පා ෂෙට්ටි ,සිද්ධාර්ථ මල්හෝත්‍රා , සොනක්ෂි සින්හා ,සරීන් ඛාන් සහභාගි වීමට නියමිතයි.
මේ අති උත්කර්ෂවත් හෙළසිනමාවේ ස්වර්ණමය රාත්‍රිය ඔබට සිඇසින් දකින්න හිරුගෙන් ආරාධනා පත්‍ර දිනාගන්න ඔබට අවස්ථාව උදා වී තිබෙනවා.
"දවස් 10 යි..ටිකට් 1000 යි.. දවසට ටිකට් 100 යි " සිනමා රන්සම්මාන රාත්‍රිය නැරඹීම සඳහා ඔබට හිමි ආරාධනා පත්‍රය දිනාගැනීම සඳහා ඔබ කළ යුත්තේ අද සිට රාත්‍රී 7.30 ත් රාත්‍රී 9.55 ත් අතර හිරු ටෙලි පෙරහැරේ විකාශනය වන නාට්‍ය පහම නරඹන අතර තුර හිරු Golden Film Awards 2018 රන් සම්මානය තිරයේ දිස්වන වාර ගණන පහත සදහන් පරිදි SMS කිරීමයි.
HGFA(හිස්තැනක්)T(හිස්තැනක්)(වාර ගණන) සමඟ ඔබේ සම්පූර්ණ නම සහ ප්‍රදේශය ඇතුලත්කොට තාමත් ආදරේ නැත්නම් නාට්‍ය අතරතුරදී 7766 SMS කරන්න.
මේ අති දුර්ලභ විචිත්‍රවත් අත්දැකීම සජීවීව අත්විඳින්නට හිරු ටෙලි පෙරහැර එක දිගට බලන්න ඔබට හිමි ආරාධනා පත්‍රය දිනාගන්න..
ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමක් සිදුනොකරන බව කරුණාවෙන් සලකන්න..