Gossips

තලංගම වෙඩි තැබීමේ සුළ මුල හෙළිවෙයි

බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ ඊයේ (18) සිදු වූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, එහිදී නිවසේ නිදමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 48 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබුවා.
මෙම යුවළ සිටි නිවසට යාබදව පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු කුලී පදනම ලබාගත් කාමරයක නැවතී සිට තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මොහු කාමරයේ සිටිනු ඇති බවට අනුමාණ කර අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් මුහුණු ආවරණය කර හිස් වැසුම් පැළඳ පැමිණ ඇති බවට ද මූලික පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බවයි තලංගම පොලීසිය සඳහන් කළේ.