Gossips

දේශපාලන තීන්දුවකට ඒකාබද්ධයේ නායකයින් හෙට රැස්වේ

දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හෙට (11) රැස්වීමට නියමිතයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (09) රැස්වී සාකච්ඡා කළ කරුණු පිළිබඳව හෙට හමුවේදී පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිත බවයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම හමුව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම ද එක්වීමට නියමිතයි.
මෙම හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ ආණ්ඩුව පෙරලීමට සූදානම් බවයි.