Gossips

ඇමරිකාවේ ප්‍රාන්ත 3 කට හදිසි තත්වයක්

ඇමරිකාවේ – ෆ්ලොරීඩා, ඇලබාමා සහ ජෝර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ මයිකල් නමැති සුළි කුණාටුවේ බලපෑම් මෙම ප්‍රාන්ත තුනට ඇතිවිය හැකි බවට එරට කාලගුණ අංශ දැනුම්දීමත් සමඟයි.
මේ හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් එම ප්‍රාන්තවලින් ඉවත් කර තිබෙනවා.
පැයට කිලෝමීටර් 200 ක වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව තවත් පැය කිහිපයකින් ඇමරිකාවේ – ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වදිනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම සුළි කුණාටු තත්ත්වයේ බලපෑමෙන් මධ්‍යම ඇමරිකාවේ පුද්ගලයින් 13 දෙනෙකු පසුගියදා ජිවිතක්ෂයට පත්වුණා.