Gossips

තවත් සද්ධන්තයෙකුගේ ජීවිතයක් අකාලයේ අහිමි වෙයි (ඡායාරූප)

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකු පෙරේදා රාත්‍රියේ හල්දුම්මුල්ල, හරංකහට ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ තුවාල ලබා සිටි මෙම වන අලියා දින ගණනාවක් එම ප්‍රදේශයේ සැරිසරමින් සිටියදි මෙලෙස මියගොස් ඇති බවයි.
තුවාල ලබා සිටි මෙම සත්වයා පිළිබඳව සීලතැන්න වනජීවී කාර්යාලය වෙත දැනුම්දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමිණ සත්වයාට ප්‍රතිකාර සිදු කළද එම සත්වයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.
මියගිය වන අලියාගේ මරණ පරීක්ෂණය අද (10) දින සිදුකිරීමෙන් අනතුරුව සත්වයාගේ සිරුර වල දැමීමට කටයුතු කරන බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවේ.