Gossips

නාරාහේන්පිට චිත්‍රාපටුමගෙහි ගිලා බැසීමක්

නාරාහේන්පිට – චිත්‍රාපටු මගෙහි මාර්ගයේ කොටසක් ගිලා බැසීමක් සිදුව තිබෙනවා.
ගිලා බැසීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් අනතුරට ලක් වූ අතර ඉන් එහි සිටි ළමයින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
මාළඹේ ප්‍රදේශයේ සිටයි මෙම වෑන් රථය පැමිණ ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ අදාළ ගිලා බැසීමට ලක් වූ ස්ථානය ප්‍රතිසංස්කරණය කරනතුරු චිත්‍රා පටුමඟ තාවකාලිකව වසා දමා ඇති බවයි.
එම ස්ථානය ආශ්‍රිතව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
එම අවස්ථාවේ දර්ශන පහතින්.